Development Officers Service Union - DOSU

06/2006 වැටුප් චක්‍රලේඛය මත පදනම්ව ඇති වූ වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලු විසඳීම සඳහා මීට පෙර රජයන් වෙත ඉදිරිපත් කළ යෝජනා හා කෙටුම්පත් යාවත්කාලීන කරමින්, නව වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඒකාබද්ධ යෝජනාවලිය සකස් කිරීම සඳහා

සංවර්ධන නිලධාරි සේවා සංගමය (DOSU) ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීමට තිරණය කර ඇත

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය, වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔබගේ වටිනා අදහස් හා යෝජනා මෙහි ඇතුළත් කරන්න.

පෞද්ගලික හා සේවා තොරතුරු (Personal & Service Details)

කොමිෂන් සභාව සඳහා අදහස්, යෝජනා හා තොරතුරු (Commission Proposals)

(i) විෂමතා හා චක්‍රලේඛ වැටුප් / විශ්‍රාම වැටුප් විෂමතාවට අදාළ විධිවිධාන හා චක්‍රලේඛ
අදාළ වැටුප් හෝ විශ්‍රාම වැටුප් විෂමතාවට/ගැටලුවට සම්බන්ධ සේවාව හෝ තනතුරට අදාළ බඳවා ගැනීම් හා උසස්වීම් විධිවිධාන මෙන්ම, අදාළ විෂමතාව නිර්මාණය වීමට බලපා ඇති චක්‍රලේඛ, චක්‍රලේඛ ලිපි හෝ වෙනත් අදාළ විධිවිධාන පිළිබඳ කරුණු:
(ii) ගෙන ඇති පියවර විෂමතාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර හා ක්‍රියාපටිපාටි
අදාළ විෂමතාව හෝ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විවිධ ආයතන, කමිටු හෝ අමාත්‍යාංශ මඟින් ගෙන ඇති පියවර සහ අනුගමනය කරමින් පවතින ක්‍රියාපටිපාටි:
(iii) විසඳුම් හා සාධක විෂමතා නිරාකරණය සඳහා යෝජනා හා සාධාරණීකරණ සාධක
අදාළ විෂමතා හෝ ගැටලු නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ එම යෝජනා සාධාරණ හා ක්‍රියාත්මක කළ හැකි යෝජනා බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය අදාළ තොරතුරු හා සාධක:
(iv) කාර්යක්ෂමතාව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා වෘත්තීයභාවය ඉහළ නැංවීමේ යෝජනා
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහාත්, විවිධ සේවා හා තනතුරුවල වෘත්තීයභාවය (Professionalism) ඉහළ නැංවීම සඳහාත් ඉදිරිපත් කළ හැකි අදහස් හා යෝජනා:
(v) ව්‍යුහාත්මක වෙනස්කම් සේවා ශ්‍රේණි, වැටුප් ක්‍රම, බඳවා ගැනීම් හා උසස්වීම් අඩුපාඩු සහ සිදු කළ යුතු වෙනස්කම්
දැනට පවතින සේවා ශ්‍රේණි, සේවා මට්ටම්, වැටුප් ක්‍රම, බඳවා ගැනීම් හා උසස් කිරීම් ක්‍රමවේදයන්හි හඳුනාගත හැකි අඩුපාඩු සහ සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධ සාධනීය යෝජනා:
(vi) නව තාක්ෂණය නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතා සහ අනාගත පුරෝකථන යෝජනා
නව තාක්ෂණික ප්‍රවණතා (AI, ඩිජිටල්කරණය, Automation, ERP/HRIS පද්ධති) සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කරමින්, අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් පුරෝකථනය කර ඒවාට ගැළපෙන පරිදි ඉදිරිපත් කරන යෝජනා:
(vii) වෙනත් වෙනත් අදහස්, යෝජනා හා විශේෂ සටහන් (Other Remarks)
කොමිෂන් සභාව හෝ සංවර්ධන නිලධාරි සේවා සංගමය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන වෙනත් ඕනෑම කරුණක්: