රටපුරා සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි

Featured Image

සංවර්ධන නිලධාරි iii ශ්‍රේණියේ හා ii ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග ප‍්‍රතිඵල ගැටළුව වහා විසඳන ලෙසත්, මුලික ක‍්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති විභාග ප‍්‍රතිඵල සඳහා නැවත සමීක්ෂණ අවස්ථාව ලබාදෙන ලෙසත් බලකරමින් රටපුරා සංවර්ධන නිලධාරීන් අද(08) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව ඇත.

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේ ඊට සමගාමීව අද පෙරවරු 11.00 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් ද පවත්වන බවය.

සංවර්ධන නිලධාරී සේවය සඳහා වෘත්තීය සමිතිය මගින් යෝජනා කර ඇති විෂය වෙන්කිරීම හා තනතුරු උසස්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත්, දෙවන භාෂා ප‍්‍රවීණතාවය සඳහා අනුමත පාඨමාලා ක‍්‍රමය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය වහා ලබාදෙන ලෙසත්, උපකාරක පන්ති ගුරුවරුන්ගේ ආදායම් මාර්ගයක් බවට පත්කර ඇති කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය පෙර පැවති ආකාරයට පවත්වන ලෙසත් සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර වේ.

DOSU Logo

Development Officers Service Union

සංවර්ධන නිලධාරි සේවා සංගමය

Headquarters

No. 10, Nagara Sabha Road, Dehiwala, Sri Lanka.

Call Support

011 2720218