රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන්න

Featured Image

කොවිඩ් අවධානම් තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි අද (18) පැවැසීය.

අදාල ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට මෙන්ම, චමල් රාජපක්ෂ , ජනක බණ්ඩාර තෙත්නකෝන් , නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් , මුදල් අමාත්‍යාංශ්‍යයේ ලේකම් ඇතුළු බලධාරීන් වෙතද යැවූ බව හෙතම කියයි.

DOSU Logo

Development Officers Service Union

සංවර්ධන නිලධාරි සේවා සංගමය

Headquarters

No. 10, Nagara Sabha Road, Dehiwala, Sri Lanka.

Call Support

011 2720218